යාච්ඤාව

දෙවියන් වහන්සේ සියලු දෙනාම ගැලවීම ලබනු කැමති වන අතර, එබැවින් අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමට අපට ආරාධනා කරයි. යාච්ඤාවට සැබවින්ම කඳු චලනය කළ හැකි අතර, ඔබේ මිතුරා, පන්තියේ මිතුරා හෝ හඳුනන අය දෙවියන් වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධතාවයකට ගෙන යා හැකිය. ඔබට යාච්ඤා කළ හැක්කේ කා වෙනුවෙන්ද කියා ඔබගෙන්ම අසාගෙන දැන්ම යාච්ඤා කිරීම අරඹන්න. පුද්ගලයන් තිදෙනෙකු කාඩ්පතක ලියා ඔබේ බයිබලයේ තැබීමෙන් ඔවුන් වෙනුවෙන් නිතිපතා යාච්ඤා කිරීමට ඔබට උපකාර විය හැක. සමහරවිට ඔබේ යෞවන කණ්ඩායමට හෝ පල්ලියට යාච්ඤාව කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇත. 24-7 යාච්ඤා ව්‍යාපාරය පරීක්ෂා කර අලුත් ජවයක්/දිරිගැන්වීමක් ලබා ගන්න