බයිබලය දෙවියන් වහන්සේගේ වචනයයි. එය කියවීමෙන් අපට දෙවියන් වහන්සේව දැන ගැනීමටත්, අපගේ ජීවිතය සඳහා උන්වහන්සේගේ සැලැස්ම වඩා හොඳින් අවබෝධ කර ගැනීමටත් හැකියි. දෙවියන් වහන්සේ සමඟ ඔබේ ගමන ආරම්භ කිරීමට, බයිබලයේ පද කිහිපයක් අපි ඔබ වෙනුවෙන් තෝරාගෙන ඇත්තෙමු.
අදහාගත නොහැකි ප්‍රේමයකින් ඔබට ප්‍රේම කරන දෙවියන් වහන්සේ සිටී. උන්වහන්සේ ඔබගේ සිතෙහි ගැඹුරුම දේ දනී, ඔබගේ තනි වූ මොහොතවලදී උන්වහන්සේ ඔබ සමඟ සිටී, ඔබගේ නරකම දිනවලදී පවා උන්වහන්සේ ඔබට ප්‍රේම කරයි. මේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ සැබෑ වන අතර, ඔබට උන්වහන්සේව සැබවින්ම දැනගත හැකියි. උන්වහන්සේගේ ප්‍රේමය පුද්ගලිකව අත්විඳීමටත්, උන්වහන්සේ සමඟ ඇති ඔබගේ සම්බන්ධතාවය තුළින් ඔබේ ජීවිතයේ අරමුණ සොයා ගැනීමටත්, ජීවිතයේ සැබෑ තෘප්තිය සොයා ගැනීමටත් වඩා උන්වහන්සේට වෙන කිසිවක් අවශ්‍ය නැත.
“ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.” ගීතාවලිය 16:11
“දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක”.1 යොහන් 4:16
දෙවියන් වහන්සේ ඔබව දන්නා බවත්, ඔබට ප්‍රේම කරන බවත් ඔබ විශ්වාස කරනවාද?
අවාසනාවකට මෙන්, අපි දෙවියන් වහන්සේව නොසලකා හරින නිසා මෙම විශ්මයජනක ප්‍රේමය අත්විඳින්නේ නැත. අපි අර්ථය, අරමුණ සහ තෘප්තිය සඳහා සෑම තැනකම සොයමු – නමුත් දෙවියන් වහන්සේ සමඟ නොවේ. උන්වහන්සේ අපට හොඳම දේ අවශ්‍ය බව විශ්වාස නොකරමින් අපි උන්වහන්සේව නොසලකා හරිමු. අපගේම මාර්ගයේ යාම සහ මෙම ජීවන රටාවෙන් ඇති වන ආත්මාර්ථකාමී ක්‍රියා බයිබලය පාපය ලෙස හඳුන්වයි. පාපය දෙවියන් වහන්සේ සමඟ, අන් අය සමඟ සහ අප සමඟ පවා අපගේ සම්බන්ධතාවයට හානි කරයි. පාපය අවසානයේදී දෙවියන් වහන්සේ අපට දීමට කැමති සියල්ලෙන්, එනම් උන්වහන්සේගේ ප්‍රේමයෙන් සහ අරමුණක් සහිත ජීවිතයකින් – මරණයෙන් ඔබ්බට යන ජීවිතයකින් – අපව වෙන් කරයි.
“නුමුත් නුඹලාගේ අයුතුකම් නුඹලාත් නුඹලාගේ දෙවියන් වහන්සේත් අතර වෙන් කිරීමක් කෙළේය. නුඹලාගේ පාප නිසා උන්වහන්සේගේ මුහුණ නුඹලාට නොපෙනෙන සේ සැඟවී ගියේය; එබැවින් උන්වහන්සේට ඇසෙන්නේ නැත.” යෙසායා 59:2
“සියල්ලෝ පව් කර, දෙවියන් වහන්සේගේ මහිමයට අඩු වී සිටිති.” රෝම 3:23
ඔබේ ජීවිතයේ වැඩිපුරම පසුතැවෙන දේ කුමක්ද?
දෙවියන් වහන්සේ අපව අත්හැර දමා නැත. උන්වහන්සේගෙන් අප වෙන්වීම නිසා උන්වහන්සේ කොතරම් කම්පා වූවාද කිවහොත්, උන්වහන්සේ අප වෙතට ළං වූ සේක. උන්වහන්සේ පැවසූ සහ කළ සෑම දෙයකින්ම උන්වහන්සේගේ ස්වර්ගීය ප්‍රේමය අපට පෙන්වීමට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මනුෂ්‍යයෙකු බවට පත් වූ සේක. අවසානයේදී, උන්වහන්සේ අප වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා දුන් සේක. උන්වහන්සේම පාපයේ සියලු ප්‍රතිවිපාක දරාගෙන කුරුසියේදී අපගේ ස්ථානය ගත් සේක. යේසුස් වහන්සේ මිය ගිය නමුත් – නැවත ජීවනයට නැඟිට, මරණය සහ දෙවියන් වහන්සේගෙන් අපව වෙන් කළ සියල්ල ජයගත් සේක. යේසුස් වහන්සේ තුළින් අපට දෙවියන් වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවයකට ඇතුළු විය හැකිය. යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් අපට ප්‍රේමයේ, ශක්තියේ සහ අරමුණක ජීවිතයක් සොයාගත හැකියි.
“මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේද, නොධර්මිෂ්ඨ අය වෙනුවෙන් ධර්මිෂ්ඨ වූ තැනන් වහන්සේ, අප දෙවියන් වහන්සේ වෙතට පමුණුවන පිණිස, සියලු පව් උදෙසා එකම වරක් දුක් වින්ද සේක; උන්වහන්සේ ශරීරයෙන් මරණයට පමුණුවනු ලැබ, ආත්මයෙන් ජීවනයට පමුණුවනු ලැබූ සේක.” 1 පේතෘස් 3:18
“මක්නිසාද දෙවියන් වහන්සේ තමන්ගේ ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සියල්ලන්ම විනාශ නොවී, සදාකාල ජීවනය ලබන පිණිසය.” යොහන් 3:16
පුද්ගලිකව ඔබට යේසුස් වහන්සේ කවුද?
දෙවියන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කරනවාද යන්න පෙන්වීමට සියල්ලම දැනටමත් කර ඇති අතර, උන්වහන්සේගේ ප්‍රේමය සැබවින්ම අත්විඳීමට අපට මග විවෘත කර ඇත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින්, උන්වහන්සේ අපට තෘප්තිය සහ සදාකාල ජීවනය පිරිනමයි. අපට මෙම දීමනාව පිළිගත හැකියි – මිනිස් ප්‍රයත්නයන් හෝ යහපත් ක්‍රියා තුළින් නොව – ඇදහිල්ල තුළින්ය. අපි යාච්ඤාවෙන් කෙලින්ම දෙවියන් වහන්සේට කතා කිරීමෙන් ආරම්භ කරමු. උන්වහන්සේ නොමැතිව ජීවත් වීම ගැන අප කනගාටු වන බව අපට උන්වහන්සේට පැවසිය හැකියි. එමෙන්ම, යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීමෙන් අද පටන් උන්වහන්සේ සමඟ ජීවත් වීමට අපි තෝරා ගනිමු. ඔබ තීරණය කරන්නේ කෙසේද?
“එවිට පේතෘස්: නුඹලා පශ්චාත්තාප වී, නුඹලාගේ පාප කමා කරන පිණිස, එකිනෙකා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වෙත්වා; එවිට නුඹලාට ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබෙන්නේයයි කීවේය.” ක්‍රියා 2:38
“නුමුත් උන්වහන්සේ පිළිගත් සියල්ලන්ටම, එනම් උන්වහන්සේගේ නාමය අදහාගන්නා අයට, දෙවියන් වහන්සේගේ දරුවන් වන්ට උන්වහන්සේ බලය දුන් සේක.” යොහන් 1:12
ඔබ සතු සියල්ලෙන් සහ ඔබ ජීවත් වන ආකාරයෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වුවහොත් එයට ඇති ප්‍රතිවිපාක මොනවාද? යේසුස් වහන්සේ මේ මොහොතේ ඔබ ඉදිරියේ සිටගෙන ඔබෙන් මෙසේ ඇසුවොත්: ‘ඔබට මා සමඟ සහ මා වෙනුවෙන් ජීවත් වීමට අවශ්‍යද?’ ඔබේ පිළිතුර කුමක් වනු ඇත්ද?
ඔබ ඔබේ ජීවිතයට යේසුස් වහන්සේට ආරාධනා කර ඇත්නම්, අහස සහ පොළොවේ මැවුම්කරු දැන් ඔබේ පුද්ගලික දෙවියන් වහන්සේ, ඔබේ ගැලවුම්කරුවා සහ මිතුරා වේ. – ඔබගේ ජීවිතයේ හොඳම තීරණයට සුභ පැතුම්! පහත සඳහන් කරුණු ඔබට යේසුස් වහන්සේ හා සමාන වීමට උපකාරී වනු ඇත.
කියවන්න
බයිබලය තුළින් ඔබට දෙවියන් වහන්සේව, උන්වහන්සේගේ කැමැත්ත සහ මිනිසුන් දෙවියන් වහන්සේ සමඟ ජීවත් වූ ආකාරය සොයාගත හැකියි. දිනපතා බයිබලය කියවීම පුරුද්දක් කර ගන්න. ඔබට බයිබලයක් නොමැති නම්, Lifechurch වෙතින් “Bible App” නොමිලේ බාගත කළ හැකියි.
යාච්ඤා කරන්න
ඔබට දෙවියන් වහන්සේ සමඟ සෑම තැනකදීම සහ සෑම විටම සියල්ල ගැන කතා කළ හැකියි. දෙවියන් වහන්සේ ඔබගේ මිතුරා වන අතර ඔබ සමඟ කාලය ගත කිරීමට ප්‍රිය කරයි.
හමු වන්න
දැන් ඔබ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ පවුලේ කොටසකි. ඔබට පිළිගැනීමක් දැනෙන, ඔබගේ ඇදහිල්ල වර්ධනය කර ගත හැකි පල්ලියක් හෝ ක්‍රිස්තියානි ප්‍රජාවක් සොයා ගන්න.
බෙදා ගන්න
ඔබ දැන් යේසුස් වහන්සේගේ ගෝලයෙක් (අනුගාමිකයෙක්) ලෙස, දෙවියන් වහන්සේ සමඟ ඔබේ ජීවිතයේ ඔබ අත්විඳින දේත්, යේසුස් වහන්සේ ඔවුන් වෙනුවෙන් කළ දේත්, “THE FOUR” (සතර ප්‍රතිපත්ති) භාවිතා කරමින් අන් අයට පවසන්න.
“එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටීද, ඔහු අලුත් මැවිල්ලෙකි. පරණ දේවල් පහව ගියේය; බලව, සියල්ල අලුත් වී ඇත.” 2 කොරින්ති 5:17
“තවද ඔවුහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද, සහභාගිකමෙහිද, රොටි කැඩීමෙහිද, යාච්ඤාවෙහිද, අදහාගෙන පසුවූහ.” ක්‍රියා 2:42
You will be redirected to your country's page...